(RIVIRA.LK, 2020 නොවැම්බර් 12 පස්වරු 06.01ට)
කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග ශ්‍රී ලංකා පොලීසියේ එම වෛරසය ආසාදනය වූ නිලධාරීන් ගණන 686 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නොවැම්බර් 11 දින තවත් පොලිස් නිලධාරීන් 74 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ එම ආසාදිතයින් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ අය බවයි. එසේම මේ වනවිට මෙම පොකුර අක්‍රීය වෙමින් පවතින බවත්, දැනට රාජකාරියේ නිරතව සිටින කිසිඳු නිලධාරියෙකුට වෛරසය ආසාදනය වීමක් සිදු වී නැති බවත් සඳහන් කළා.
පොලිස් උප පොකුරට අදාළව වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතේ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

