Politics

පාර්ලිමේන්තු එන්නැයි පොහොට්ටු මන්ත්‍රීන් බැසිල්ගෙන් ලිඛිතව ඉල්ලයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 13 පෙරවරු 09.28ට)

වසර 04ක් වැනි කෙටිකාලයක් තුළ පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තුව මැතිවරණය යන මැතිවරණ 03ම ජයගත හැකි වන පරිදි දැවැන්ත දේශපාලන පක්ෂයේ නිර්මාතෘවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ඊට සහය දෙන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

නොවැම්බර් 12 දිනැතිව යොමු කළ ලිපියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජීවය දුන්නේත්, ගමේ ශාඛා සමිතියේ සිට පක්ෂයේ ඉහළම ස්ථානය දක්වා සියලුම කටයුතු සංවිධානය කළේත් බැසිල් රාජපක්ෂ බවයි. ඒ අනුව ඔහුගෙන් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් පිළිබඳව සිතීමට පවා නොහැකි බව එම මන්ත්‍රීවරුන් පවසනවා.

කෙසේ වුවද මේ දක්වාම පක්ෂයේ නිර්මාතෘවරයා පාර්ලිමේන්තුවේ නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරුන් කියා සිටින්නේ රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වය රටට ලබා දීම සඳහාත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ප්‍රවේශවීම අත්‍යවශ්‍ය බව තමන් විශ්වාස කරන බවයි. එබැවින් ඉතා ඉක්මණින් එම ප්‍රවේශය ලබා ගන්නා ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙනවා.

එම ලිපියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරාල, ප්‍රදීප් උඳුගොඩ, කාදර් මස්තාන්, උපුල් ගලප්පත්ති, අශෝක ප්‍රියන්ත, සංජීව එදිරිමාන්න, සහන් ප්‍රදීප්, අකිල එල්ලාවල, නාලක කෝට්ටෙගොඩ, අමරකීර්ති අතුකෝරාල, වසන්ත යාපා බණ්ඩාර, ඩබ්.ඩී. වීරසිංහ, එච්. නන්දසේන, කුමාරසිරි රත්නායක, සුදර්ශන දෙනිපිටිය, රාජිකා වික්‍රමසිංහ, නිපුණ රණවක, කපිල අතුකෝරල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් ද අත්සන්කොට තිබෙනවා.

බැසිල් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ කටයුතු අරඹයි! ප්‍රබල වගකීම් සහිතව පාර්ලිමේන්තුවට?

Rivira FB Group Rivira Youtube
To Top