,
Covid-19

භූමදානය භයානක බව කියූ මහාචාර්ය මෙත්තිකාට එරෙහිව මඩ ව්‍යාපාරයක්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 13 පෙරවරු 10.18ට)

කොවිඩ්-19 වෛරසයෙන් මිය යන මුස්ලිම් ප්‍රජාවගේ මෘත දේහ භූමදානය කිරීම අනාගත පරම්පරාව පවා අවදානමේ හෙළන භයානක ක්‍රියාවක් බව විද්‍යාත්මක සාක්ෂි සමග ඉදිරිපත් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේට එරෙහිව මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව රිවිර.lk වෙත වාර්තා වෙයි.

මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළේ තමන් කිසිම ආගමික හෝ වාර්ගික පදනමකින් කිසිවක් ප්‍රකාශ නොකරන බවයි. එසේම තමන් බෞද්ධයෙකු ලෙස භූමදානය තෝරාගන්නා බව පැවසූ මහචාර්යවරිය පෙන්වා දුන්නේ වසංගත තත්වයක දී ඉන් අවදානමක් ඇතිවිය හැකි තත්වයක තමන් කිසි විටෙක භූමදානය කරන ලෙස නොඉල්ලන බවයි.

තමන් මෙම මතය ඉදිරිපත් කළේ විද්‍යාත්මක සාක්ෂි සහ විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් බව මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළා. එහෙත් මේ වනතෙක් ශ්‍රී ලංකාව තුළ නිශ්චිතව භූමදානය කිරීම සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකර නැති වුවත් පර්යේෂණයක් කර නොමැති තත්වයක දී පවා නොදන්නා වෛරසයක් සම්බන්ධයෙන් අවදානමක් ගත යුතු නැති බව ඇය දිගින් දිගටම අනාවරණය කළාය. ශ්‍රී ලංකාවේ භූමිය පුරාම භූගත ජය මට්ටම නොගැඹුරු බවත්, මේ වනවිට යළිත් දිවයිනටම වැසි තත්වය සක්‍රීය වී ඇති බවත් ඇය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් රිවිර.lk වෙත වාර්තා වන පරිදි එම මතය ඇය ඉදිරිපත් කිරීම හේතුවෙන් උරණ වී සිටින අන්තවාදී සහ මූලධර්මවාදී පිරිසක් විසින් ඇයට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් දියත් කරමින් ඇයට එරෙහිව හිංසන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව පුවත්පත් යොදාගෙන ඇය පළ කළ මුල් අදහසට වෙනස් අදහසක් ගම්‍ය වන ආකාරයේ පුවත් පළ කරන්නටත්, පසුව ඇය සම්බන්ධයෙන් පුද්ගලිික මට්ටමට ගොස් සමාජ මාධ්‍ය යොදා ගනිමින් චරිත ඝාතනයක් කිරීමටත් එම පිරිස් උත්සාහ ගනිමින් සිටින බව සමාජ ජාල නිරීක්ෂණයේ දී පෙනී යයි.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top