දේශීය පුවත්

රිෂාඩ් නොවැ.25 තෙක් යළි රිමාන්ඩ්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 13 පෙරවරු 11.30ට)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, නොවැම්බර් 25 දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 13 දින නියෝග කළා.

2019 ජනාධිපතිවරණ සමයේ දී සිදුකළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේ දී මන්ත්‍රීවරයාව යළිත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

මන්ත්‍රීවරයාව මීට පෙර අවස්ථා දෙකක දී යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.

මන්ත්‍රීවරයා ඔක්තෝම්බර් 19 පෙරවරු 03.30ට පමණ විශේෂ බුද්ධි මෙහෙයුමකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය, පොදු දේපළ 5 වන වගන්තිය යටතේ වන වැරදි සිදුකිරීම සහ ජනාධිපතිවරණ පනතේ 82 සහ 86 වගන්ති යටතේ සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධානාගාරගත කර තිබුණි.

  1. රිෂාඩ් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරගත කරයි
  2. රිෂාඩ් සඟවාගෙන සිටි වෛද්‍යවරයා හා බිරිඳ අත්අඩංගුවට, සැඟවුනු තැන් ගැන පරීක්ෂණ
  3. බුද්ධි මෙහෙයුමකින් රිෂාඩ් බදියුදීන් අල්ලයි
  4. තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා රිෂාඩ්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  5. රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්
  6. දිනක් ගතවෙයි: රිෂාඩ් අතුරුදන්; 4ක් අත්අඩංගුවට
  7. රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වෙයි
  8. රිෂාඩ් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ – අධිකරණය
  9. රිෂාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්
Rivira FB Group Rivira Youtube
To Top