(RIVIRA.LK, 2020 නොවැම්බර් 13 පස්වරු 07.23ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 13 දින නිවේදනය කරනවා.
එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.
49 වන මරණය
49 වන මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේ සිටිය දී එම කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ්-19 ආසාදියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග කොවිඩ්-19 ආසාදනය වීමයි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 36 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 49 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
50 වන මරණය
50 වන මරණය ලෙස වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙකු ලෙස මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
ප්‍රථමයෙන් හලාවත දිස්ත්‍රික් රෝහලේ දී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන පසුව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇත. මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීම සමග අධි රුධිර පීඩනය උත්සන්න වීම හා මොළයට ලේ වහනය වීමයි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 37 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 50 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
51 වන මරණය
51 වන මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කරන විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්වයකි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 38 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 51 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
52 වන මරණය
52 වන මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාද් මරණ පරීක්ෂණයේ දී මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය වීම සමග ඇතිවූ හෘදයාබාධයකි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 39 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 52 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
53 වන මරණය
53 වන මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළම 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ ඇදුම රෝගය සහිත එම පුද්ගලයාට කොවිඩ්-19 ආසාදනය වීමයි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 40 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 53 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මරණ 05 සම්බන්ධයෙන් නිල නිවේදනය මෙතැනින්.

