කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ ඇත්තම තත්වය මෙන්න, තොරතුරු විශ්ලේෂණය
(RIVIRA.LK, 2020 නොවැම්බර් 14 පෙරවරු 11.00ට)
කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන නොවැම්බර් 14 පෙරවරු 09.00 වනවිට 16,191ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 53ක් මරණයට පත්වී ඇති අතර 11,031ක් සුවය ලබා තිබෙනවා.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව ඔක්තෝම්බර් 03 දින ආරම්භ වී පසුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල හරහා තවදුරටත් ව්‍යාප්ත වූ මෙරට දෙවැනි රැල්ලෙන් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 13,000කට ආසන්න වී තිබෙනවා. එනම් ඔක්තෝම්බර් 03 පෙරවරු 10 වනවිට බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආසාදිතයෙකු වාර්තා වීමට පෙර මෙරටින් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 3,388 දෙනෙකු පමණයි. ඒ වනවිට මෙරට සිටියේ සක්‍රීය ආසාදිතයින් 121ක් දෙනෙකු පමණක් වන අතර 13 දෙනෙකු පමණක් මියගොස් 3,254 දෙනෙකු සුවය ලබා තිබුණි. ඒ අනුව එතැන් සිට මේ දක්වා ආරම්භ වන්නේ මෙරට දෙවන රැල්ල වන අතර ඒ යටතේ මේ දක්වා නව ආසාදිතයින් 12,808ක් හඳුනාගෙන ඇත. එම තොරතුරු මෙසේය.
දෙවන රැල්ල
බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ පොකුර - 12,695
විදේශයන්ගේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් - 84
විදේශයන්ගේ සිට පැමිණි විදේශිකයින් - 29
දෙවන රැල්ලට අදාළ මරණ ගණන - 40
පළමු රැල්ලට අදාළව වෙනත් තොරතුරු මෙසේය. 2020 ඔක්තෝම්බර් 03 පෙරවරු 10 වනවිට තත්වය.
සමස්ත ආසාදිතයින් ගණන - 3,388
සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන - 3,254
සමස්ත මරණ ගණන - 13
සක්‍රීය ආසාදිතයින් ගණන - 121
සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන - 291,105
ජනගහණය මිලියනයකට ආසාදිතයින් ගණන - 158
ජනගහණය මිලියනයකට පීසීආර් ගණන - 13,603
මරණ අනුපාතය - 0.38%
දෙවන රැල්ල ආරම්භ වූ දිනයේ සිට මේ වනතෙක් තත්වය
සමස්ත ආසාදිතයින් ගණන - 12,808
සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන - 7,777
සමස්ත මරණ ගණන - 40
සක්‍රීය ආසාදිතයින් ගණන - 5,107
සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන - 345,481
ජනගහණය මිලියනයකට ආසාදිතයින් ගණන - 598
ජනගහණය මිලියනයකට පීසීආර් ගණන - 16,143
මරණ අනුපාතය - 0.31%
නොවැම්බර් 14 පෙරවරු 09 වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත තත්වය
සමස්ත ආසාදිතයින් ගණන - 16,191
සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන - 11,031
සමස්ත මරණ ගණන - 53
සක්‍රීය ආසාදිතයින් ගණන - 5,107
සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන - 636,586
ජනගහණය මිලියනයකට ආසාදිතයින් ගණන - 756
ජනගහණය මිලියනයකට පීසීආර් ගණන - 29,747
ජනගහණය මිලියනයකට මරණ ගණන - 02
මරණ අනුපාතය - 0.32%
මේ අනුව, දෙවන රැල්ල ආරම්භ වූ පසු ශ්‍රී ලංකාව සති 06ක් වැනි කාලයක් තුළ පීසීආර් පරීක්ෂණ 345,000කට අධික ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. වෛරසය ආරම්භ වූ දිනයේ සිට දෙවන රැල්ල ආරම්භ වනවිටත් මාස 10ක් තුළ ශ්‍රී ලංකාව සිදුකර තිබුණෙ පීසීආර් පරීක්ෂණ 291,105ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළ ඉහළ පරීක්ෂණ මට්ටමකට ළඟා වී තිබීම ඉතා සාධනීය තත්වයකි. සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ ලොව 79 වන ස්ථානයේ ය. තවත් සති කිහිපයක් තුළ ශ්‍රී ලංකාව පළමු රටවල් 50 අතරට පැමිණෙනු ඇති බව අනුමාන කෙරේ. එහෙත් ජනගහණය මිලියනයකට සාපේක්ෂව සිදුකර ඇති පරීක්ෂණ ගණන පිළිබඳ තවමත් සතුටුදායක මට්මටක ශ්‍රී ලංකාව පැමිණ නැත. පීසීආර් පරීක්ෂණ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම ඊට හේතුවයි. එක් පරීක්ෂණයකට ඇස්තමේන්තුගත වියදම රු.6,000ක් පමණ වේ. මේ වනවිට රැපිඩ් අන්ටිජන ටෙස්ට් සඳහා ද ශ්‍රී ලංකාව යොමු වෙමින් සිටී.
මෙරට සෞඛ්‍ය සේවයට ඇත්තේ සීමිත ධාරිතාවයක් වුවත් මේ වනවිට එම පහසුකම් වසංගත තත්වයකට ගැලපෙන ලෙස වේගයෙන් දියුණු කරමින් සිටීම ද තවත් සාධනීය තත්වයකි. කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රෝහල් 15ක් සූදානම් කර තිබුණත් පළමු රැල්ලට එතරම් රෝහල් ප්‍රමාණයක් අවශ්‍ය වී තිබුණේ නොමැති අතර ඔක්තෝම්බර් 03 දින වනවිට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබූ රෝහල් ප්‍රමාණය 06කට අඩු කර තිබුණි. නමුත් මේ වනවිට රෝහල්වලට අමතරව රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් ද ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යනු ලබයි. රෝහල් සහ ප්‍රතිකාර මධස්ථාන 53ක ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සිදුකෙරෙන අතර ඉන් 16ක් රෝහල් නොවන ප්‍රතිකාර මධ්‍යස්ථාන වේ. පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගමට අයත් ගොඩනැගිල්ල ද එකවර ආසාදිතයින් 1,200කට ප්‍රතිකාර කළ හැකි මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත. මීට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක දැඩි සත්කාර ඒකක කිහිපයක් ද සූදානම් කර ඇති අතර දැඩි සත්කාර ධාරිතාවයද ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී.
පළමු රැල්ලේ මරණ අනුපාතය පිළිබඳ සැළකීමේ දී ආසාදිතයින් 3,388ක් වාර්තා වනවිට මරණ 13ක් වාර්තා වී තිබුණි. දෙවන රැල්ලේ මේ වනවිට ආසාදිතයින් 12,808ක් වාර්තා වනවිට සිදුව ඇති මරණ ගණන 40කි. එහෙත් ප්‍රතිශතයක් ලෙස පළමු රැල්ලේ මරණ අනුපාතයට වඩා දෙවන රැල්ලේ මරණ අනුපාතය තවමත් පවතින්නේ පහළ මට්ටමක වීම ද සාධනීය තත්වයකි. නමුත් දෙවන රැල්ලේ මරණවලින් සැළකිය යුතු ප්‍රමාණයක් නිවස තුළ දී සිදුවීම මහජනතාවගේ නොසැළකිල්ල හා සහයෝගයක් නොමැති වීම පිළිඹිඹු කරන තත්වයකි. එලෙස මියගොස් සිටි ඇතැම් පුද්ගලයින් මසකට අධික කාලයක් නිවසේ අසනීප තත්වයෙන් පසු වී ඇති අතර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු නොවීම මෙම තත්වයට හේතුවක් වී තිබේ. දෙවන රැල්ලේ වාර්තා වූ මරණ 40න් 25කට පමණ වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ය. ඒ අතරින් බහුතරයක් නිවසේ මියගොස් ඇති අය වීම විශේෂත්වයකි. තමන්ට කොරෝනා රෝග ලක්ෂණ සහිතව අසනීප තත්වයක් ඇත්නම් වහාම 1999ට අමතන ලෙස රජය නිවේදනය කර තිබේ. එසේම නිධන්ගත රෝග ඇති අය හෝ අධික ලෙස ඖෂධ භාවිතා කරන පිරිස් ද මෙම වෛරසය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු අය බව සෞඛ්‍ය අංශ පවසයි. එබැවින් අසනීප තත්වයක් ඇත්නම් වහාම එම තත්වයට ප්‍රතිකාර ගැනීමට යොමු වීම සියලු පුරවැසියන්ගේ යුතුකමකි. එම පුරවැසි වගකීම නිසි පරිදි ඉටු වූවා නම් මෙම වෛරසයෙන් සිදු වූ මරණ ප්‍රමාණය ද 05ක් හෝ 06ක් වැනි මට්ටමක් දක්වා අඩු කරගත හැකි ව තිබූ බව දත්ත විශ්ලේෂණයේ දී පැහැදිලිව නිරීක්ෂණය වේ. දැනටත් මරණ ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ ලොව 150 වන ස්ථානයේ යි. එනම් අවම මරණ ප්‍රමාණයක් ඇති රටවල් අතරේ ය.
ලෝකයේ ඇති විවිද ආයතන මගින් ලොව සාර්ථකවම කොරෝනා වෛරසය පාලනය කළ රට බවට හැඳින් වූ සහ වෛරසයට සාර්තකවම මුහුණ දිය හැකි රට ලෙස හැඳින්වූ ජර්මනියේ මේ වනවිට සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 277,000කට අධිකයි. මේ වනවිට වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටවල් ලෙස හඳුනාගත හැක්කේ නවසීලන්තය, චීනය, ඕස්ට්‍රේලියාව, තායිවානය වැනි රටවල් වේ.
වෛරසයෙන් වැඩිම හානියක් වූ සහ තවමත් නිසි පරිදි පාලනය කරගත හැකි නොවූ රටවල් ලෙස ඇමරිකාව, ප්‍රංශය හා ඉතාලිය හඳුනාගත හැක. ඉතාලිය හා ප්‍රංශය නැවතත් ඉදිරියට පැමිණ ඇත්තේ ලෝකයේ ඇති වූ දෙවන රැල්ල පාලනය කර ගැනීමට නොහැකි වීමෙනි. ඉන්දියාව මේ වනවිට සක්‍රීය ආසාදිතයින් ගණන 500,000ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට සමත්ව ඇතත් සමස්තයක් ලෙස ආසාදිතයින් මිලියන 8.7ක් පමණ වාර්තා වී තිබේ.
එවැනි තත්වයක් තුළ ගත්විට ආර්ථිකය, සෞඛ්‍ය ධාරිතාවය ඇතුළු සියලු සාධක සැළකීමේ දී ශ්‍රී ලංකාව තරම් සාර්ථක ලෙස කොරෝනා වෛරසයට මුහුණ දීමට ඇමරිකාව හා යුරෝපය ඇතුළු ඉහළ ආර්ථිකයක් ඇති, ඉහළ සෞඛ්‍ය ධාරිතාවයක් ඇති රටවලටවත් නොහැකි වී තිබේ.
ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ දේශපාලන නායකත්වය හා සෞඛ්‍ය අංශවල සහයට හමුදාව යොදා ගැනීම ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට ප්‍රබල බලපෑමක් සිදුකර ඇති බවයි. වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් සිටින රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සිටින්නේ 105 වන ස්ථානයේ යි. ජනගහණය මිලියනයකට සාපේක්ෂව වැඩිම ආසාදිතයින් සිටින රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසුවන්නේ 162 වැනි ස්ථානයේ යි. එනම් ශ්‍රී ලංකාවේ ජනගහණයට සාපේක්ෂව ආසාදිතයින් සිටින්නේ ඉතාමත් අවම ප්‍රමාණය කි.