(RIVIRA.LK, 2020 නොවැම්බර් 14 පස්වරු 04.52ට)
කොරෝනා දෙවැනි රැල්ලෙන් බන්ධනාගාර රැඳවියන් 270 ඉක්ම වූ ප්රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම, නොවැම්බර් 13 වැනි දින බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 68 දෙනෙකු ද, කුරුවිට බන්ධනාගාරයෙන් ආසාදිතයින් 13 දෙනෙකු ද, මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් තිදෙනෙකු ද වාර්තා වී තිබෙනවා. ඒ අනුව, බන්ධනාගාරගතව සිටින රැඳවියන් 278 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි. එම රැඳවියන් 278 දෙනා අතරින් 107 දෙනෙකු කාන්තා රැඳවියන් බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරයි.
තවද, බන්ධනාගාර ආශ්රිතව වාර්තා වූ ආසාදිතයින්ගෙන් 07 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, වැලිකඩ, කොළඹ රීමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
