(RIVIRA.LK, 2020 නොවැම්බර් 14 පස්වරු 07.55ට)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක (කොවිඩ්-19 පිළිබඳ) ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම ධූරයෙන් ද ඉවත් කර ඇති බව නොවැම්බර් 14 දින අනාවරණය විය.
දිනපතා කොවිඩ්-19 තත්වය පිළිබඳ පවත්වන මාධ්‍ය හමුවක් හදිසියේ ම අවලංගු වීම හේතුවෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් තමන්ට එම තනතුරෙන් ඉවත්වන ලෙසට ඉල්ලීමක් කළ බවයි. ඒ අනුව, තමන් ඉවත් වූ බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඊට කිසිඳු හේතුවක් ඔහු විසින් අනාවරණය කළේ ද නැත.
කෙසේ වෙතත්, මින්පසු සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු මාධ්‍යයකට අදහස් පළ නොකරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඔහුට දැනුම් දී තිබෙන බව ද දැනගන්නට ඇත.
මීට පෙර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළ අතර ඊට වෙනත් අයෙකු පත් කරමින් ඔහු ඊට පෙර දරමින් සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂධූරයට පත් කරනු ලැබුවා. ඔහුගේ ඉවත් කිරීමත් සමග පහළ තනතුරේ කටයුතු කිරීමට ඔහු සූදානම් නොමැති බව වරෙක මාධ්‍ය ආයතනයක් සමග කළ සාකච්ඡාවක දී සඳහන් කළා. ඒ සමග ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගුණු අතර කොවිඩ්-19 වෛරසය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමෙහිලා ඔහු විසින් සිදුකළ කාර්ය භාර්ය බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක් විය.
කොවිඩ් මරණ භූමදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන නැති බව කියයි
වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට නව තනතුරක් ලබා දෙයි
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

