,
Covid-19

මන්නාරම වැනි ප්‍රදේශවල භූමදානය කිරීම වඩාත් අවදානම් – මහාචාර්ය මෙත්තිකා විතානගේ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 14 පස්වරු 09.34ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ මුහුදට ආසන්න වැලි පසක් සහිත ප්‍රදේශවල භූමදානය කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ අනාවරණය කළා.

ඇය පවසන්නේ එවැන්නක් කළහොත් එමගින් භූගත ජලයට වෛරස් මුසුවීමේ දැඩි අවදානමක් පවතින බවයි. එවැනි ප්‍රදේශවල භූමියේ වේගයෙන් ජලය ගලා යන බව පෙන්වා දුන් මහාචාර්යවරිය අවධාරණය කළේ එම ප්‍රදේශවල වැසි නොමැති කාලවල පවතින උෂ්ණත්වය හේතුවෙන් ද මෘත දේහ වේගයෙන් දිරාපත් වීම තුළින් ද එකවර විශාල විෂභීජ ප්‍රමාණයක් භූගත ජලයට එක්වීමේ හැකියාව ඇති බවයි.

මන්නාරම, තලෙයි මන්නාරම වැනි ප්‍රදේශවල එම තත්වය හේතුවෙන් භූමදානය කිරීම කිසිසේත් සුදුසු ක්‍රියාවක් නොවන බව මහචාර්ය මෙත්තිකා විතානගේ වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, අද දෙරණ වාර්තා කර සිටියේ කොවිඩ්-19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉක්වදෝරය තුළ ඇති ගංගාවක ජලයේ කොවිඩ්-19 වෛරසය ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි. අපවහන ජල පද්ධතිය හරහා වෛරසය එලෙස එකතු වී ඇති බව වැඩිදුරටත් වාර්තා කර සිටියා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ ද පර්යේෂණ පත්‍රිකා කිහිපයක් ඉදිරිපත්ව ඇති අතර ඒවා තුළින්ම එම තත්වය සනාථ කර තිබෙනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ පිළිගත් වෛද්‍ය පර්යේෂණ ආයතනයක් මගින් මෙතෙක් එම තත්වය නිල වශයෙන් තහවුරු කර කිරීමක් සිදුකර නොමැති වීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත්, ඒ හරහා ජලයෙන් වෛරසය බෝවීමේ අවදානම් තත්වයක් පිළිබඳව ද කරුණු වාර්තාවන තත්වයක් තුළ කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ කතිකාවක් නිර්මාණය වී ඇත. නමුත් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර දැනට නිකුත් කර ඇති ගැසට් පත්‍රය අනුව ආදාහනය කිරීම සිදුකරනු ලබයි.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top