ශ්‍රී ලාංකිකයින් 128 දෙනෙකු දිවයිනට
(RIVIRA.LK, 2020 නොවැම්බර් 15 පෙරවරු 11.25ට)
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 128 දෙනෙකු නොවැම්බර් 15 වන දින අලුයම කටුනායක ගුවන්තොටුපළින් දිවයින් වෙත පැමිණ තිබෙනවා.
එම පිරිස අතරින් 39 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා හි සහ 25 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් වේ.
මීට අමතරව, නොවැම්බර් 14 වන දින රාත්‍රියේ චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු ද, ඩුබායි රාජ්‍යයේ සිට 59 දෙනෙකු ද මෙරටට පැමිණ ඇත.