(RIVIRA.LK, 2020 නොවැම්බර් 15 පෙරවරු 11.37ට)
නොවැම්බර් 16 වන දින උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ අතරින් මරදාන පොලිස් වසම, කොටුව පොලිස් වසම, පිටකොටුව පොලිස් වසම, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම,වේල්ල වීදිය (ඩෑම් වීදිය) පොලිස් වසම සහ කෙසෙල්වත්ත පොලිස් වසම යන ප්‍රදේශයන්හි පිහිට ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා, එම ප්‍රදේශයන්හි උසාවි කටයුතු සහ අත්‍යාවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය හා මාර්ගෝපදේශය යටතේ පවත්වාගෙන යා හැකි බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.

