කොවිඩ්-19

මෙරට ආසාදිතයෝ 17,000 ඉක්මවයි, ජනගහණය මිලියනයකට ආසාදිතයින් 800ක්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 15 පස්වරු 06.32ට)

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන නොවැම්බර් 15 පස්වරු 06.25 වනවිට 17,127 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට ජනගහණය මිලියනයකට සාපේක්ෂව හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 800 පසු කර තිබීම ද විශේෂත්වයකි.

මේ වනවිට මෙරට සමස්ත පීසීආර් පරීක්ෂණ 661,387ක් සිදුකර තිබෙන අතර එය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 30,000 ඉක්මවූ ප්‍රමාණයකි. මේ වනවිට මෙරට තත්වය මෙසේය.

  • සමස්ත ආසාදිතයින් ගණන - 17,127
  • සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන - 11,495
  • සමස්ත මරණ ගණන - 58
  • සක්‍රීය ආසාදිතයින් ගණන - 5,579
  • සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන - 661,387
  • ජනගහණය මිලියනයකට ආසාදිතයින් ගණන - 800
  • ජනගහණය මිලියනයකට පීසීආර් ගණන - 30,905
  • ජනගහණය මිලියනයකට මරණ ගණන - 02

නොවැම්බර් 15 – පස්වරු 06.15 වනවිට මෙසේය,

  • දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන - 544
  • දිනය තුළ රෝහල්වලින් පිටවූ ගණන - 171
  • දිනය තුළ වාර්තා වූ මරණ ගණන - 05
Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top