අධ්‍යාපනය

5 ශිෂ්‍යත්වයෙන් 200/200ම ගත් පුංචි හපනුන් 10 දෙනෙක්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 16 පස්වරු 05.11ට)

2020 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසු සිසුවියන් 10 දෙනෙකු උපරිම ලකුණූ සීමාව වන ලකුණු 200යම ලබා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ. ඊට ශිෂ්‍යයින් 06 දෙනෙකු සහ ශිෂ්‍යාවන් 04 දෙනෙකු ඇතුළත්ව සිටී.

ලකුණු 200/200ම ලබාගත් දස දෙනා පහතින්.

  1. මරදාන සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ්
  2. නැගෙනහිර ඇරැව්වල ධර්මපාල මාහ විද්‍යාලයේ අකුරැස්ස හේවගේ සිහත් සන්ධිනු
  3. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදු චිරන්දිත්
  4. පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජ මනුමිත
  5. තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන්
  6. බණ්ඩාරගම ජාතික පාසලේ හිනුධ සස්මිත ගුණතිලක
  1. ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලයේ දෙව්ලි යසස්මි තිලකරත්න
  2. ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා කරුණාතිලක
  3. ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා
  4. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ යෙහාරා යෙත්මිණි ඈපා

2020 ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 331,741 දෙනෙකු අයදුම් කර තිබූ අතර 326,264 දෙනෙකු විභාගය පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, ඉන් සිසුන් 20,000කට ශිෂ්‍යාධාර ලබාදෙනු ලබන අතර ඉන් 250ක් වෙන්වන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙනි. කෙසේ වෙතත් මේ වනවිට ශිෂ්‍යත්ව විභාගයට අදාළව දිවයින වශයෙන් හෝ දිස්ත්‍රික් වශයෙන් තරා (rank) නොකරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළව කඩඉම් ලකුණු ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සිංහල මාධ්‍යයෙන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා විභාගය පෙනී සිටි අපේක්ෂකයින් සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ ලකුණු 169කි.

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණය 165ක් ලෙසත්, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු වන්නේ 163ක් ලෙසත් සඳහන් වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා කඩඉම් ලකුණු 164ක් වන අතර අම්පාර සහ මොනරාගලට කඩඉම් ලකුණු ප්‍රමාණය 162කි.

නුවරඑළිය හා ත්‍රිකුණාමලය සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණය 161ක් වනවිට වව්නියාව සහ මුලතිව් ප්‍රදේශයට ලකුණු 157ක් ලෙස කඩඉම් ලකුණු ප්‍රමාණය සටහන් වේ.

ප්‍රතිඵල පරික්ෂා කිරීමට මෙතැනින් පිවිසිය හැක.

Rivira FB Group Rivira Youtube
To Top