දේශීය පුවත්

විල්පත්තුවේ කල්ලාරු වනය එළි කිරීම නීති විරෝධීයි, රිෂාඩ්ට එරෙහිව අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 16 පෙරවරු 11.20ට)

විල්පත්තු ප්‍රදේශයේ පිහිටි කල්ලාරු වනය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට නිගමනය කරමින් අභියාචනාධිකරණය නොවැම්බර් 16 දින ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්නගෙන් සමන්විත විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නියෝග කර සිටියේ සිය පුද්ගලික ධනයෙන් එම ප්‍රදේශය තුළ නැවත වන වගාව සිදුකරන ලෙසයි.

එසේම පෙත්සම්කරුවන් වැය වූ නඩු ගාස්තු ගෙවීමට ද අධිකරණය වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළා. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Rivira FB Group Rivira Youtube
To Top