,
Environment

මහනුවර භූමිය යළිත් සෙලවෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 18 පෙරවරු 11.01ට)

මහනුවර, දිගන, අඹකො‌ටේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට නොවැම්බර් 18 වන බදාදා දින පෙරවරු 9.27ට පමණ සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. පල්ලේකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ මෙය රික්ටර් මාපක 2 – 2.5ත් අතර අගයකින් සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය සඳහා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා සමීක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා සඳහන් කරයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී ම මෙම ප්‍රදේශයෙන් භූ කම්පන අවස්ථා වාර්තා විය.

වැඩිදුර කියවන්න

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top