(RIVIRA.LK, 2020 නොවැම්බර් 18 පෙරවරු 03.13ට)
කොරෝනා දෙවැනි රැල්ලේ වෛරසය පැතිරීමෙන් පොලිස් නිලධාරින් රැසක් ද වෛරසයට ගොදුරු වී තිබෙනවා. මේ වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 825ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් 825 දෙනා අතරින් 197 දෙනෙකු පොලිස් විශේෂ කාර්යබලකා සාමාජිකයින් වන බවත් ආසාදිතයින් 628 දෙනෙකු පොලිස් නිලධාරීන් වන බවත් වාර්තා වේ.

