(RIVIRA.LK, 2020 නොවැම්බර් 18 පස්වරු 04.13ට)
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මතට නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වී ඇත්තේ අධිකරණ විවෘත කර නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලීම් කරමින් බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.
විරෝධතාවයේ නිරත වන රැඳවියන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින පුද්ගලයින් බව ද බන්ධනාගාර පාලන කොමසාරිස්වරයා සඳහන් කරයි.
මේ අතර,කොරෝනා වෛරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳවියන් ගණන 532ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ නොවැම්බර් 18 වැනි දින තවත් ආසාදිතයින් 26 දෙනෙකු බන්ධනාගාරවලින් හඳුනා ගැනීමත් සමඟයි.

