(RIVIRA.LK, 2020 නොවැම්බර් 18 පස්වරු 06.24ට)
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කර සිටිමින් අතරතුර දී නොවැම්බර් 18 වැනි දින අලුයම බන්ධනාගාරයෙන් පලා ගිය රැඳවියා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
මහනුවර නගරයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ රැඳි සිට ඇති එම රැඳවියා අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි. අත්අඩංගුවට පත් වූ පලා ගිය රැඳවියා දින 14ක කාලයක් තවදුරටත් අනිවාර්ය නිරෝධායන කාල සීමාවක් සඳහා බෝගම්බර බන්ධනාගාරය වෙත යොමු කිරීමට කටයුතු කළ බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ රැඳවියන් පස් දෙනෙකු නොවැම්බර් 18 වැනි දින අලුයම එයින් පලා යාමට උත්සාහ කළ අතර එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් විසින් එල්ල කරන ලද වෙඩි පහරින් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයෙක් තුවාල ලැබීය. අනෙක් දෙදෙනා බන්ධනාගාර නියාමකවරුන්ගේ අත්අඩංගුවට පත් වූ අතර එක් රැඳවියෙක් පලා ගොස් තිබිණි.
වැඩිදුරටත් කියවන්න

