,
News

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස් කෙරේ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 19 පෙරවරු 11.07ට)

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධයක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත් හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය නොවැම්බර් 19 වැනි දින නියෝග කර තිබේ.

කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන් අතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මෙම පෙත්සම්වල පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බව සඳහන් කළාය.

මෙම චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ට වසර තුන බැගින් බරපතල සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබුණි. සිර දඩුවම් වලට අමතරව විත්තිකරුවන් දෙදෙනාට වෙන වෙනම රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ මුදලක් ගෙවීමට ද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් නියෝග කර තිබුණි.

2015 ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සදහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරනය කිරීමේ චෝදනා සහ සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා වලට වැරැදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධයක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචන පෙත්සම් ගොනු කර තිබුණා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top