,
Education

තෙවන වාරය සඳහා පාසල් ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය

(RIVIRA.LK, 2020 නොවැම්බර් 19 පස්වරු 01.24ට)

බස්නාහිර පලාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල පිහිට පාසල් නොවැම්බර් 23 වන සඳුදා දින තෙවන පාසල් වාරය සඳහා නැවත ආරම්භ කිරිමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, නොවැම්බර් 19 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා, ‘ මුළු දිවයිනේම පාසල් තුන්වන වාරය සඳහා නියමිත වෙලා තිබුණ දිනය තමයි සඳුදා නොවැම්බර් 09. ඒත් රටේ පවතින කොවිඩ් – 19 තත්ත්වය නිසා රජය තීරණයක් ගත්තා සති දෙකකින් කල් දැමීමට. ඒ කියන්නේ නොවැම්බර් 23 දක්වා. දැන් තීරණය කරන්නට වෙලා තියෙනවා..ඒක ප්‍රායෝගික ද? එසේ කළ යුතු ද ? කියලා. අපි තීරණයක් ගන්නේ මේ සම්බන්ධයෙන් අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය හා ඒ දරුවන්ගේ අනාගතය කියන ඒ සාධක දෙකම සැලකිල්ලට භාජනය කරමින්.

දැන් අපි අවසාන තීරණයක් ගත යුතුයි. තීරණයක් අරගෙන දෙමව්පියන් හා අපේ ශිෂ්‍යයන් දැනුවත් කළ යුතුයි ඒ සම්බන්ධයෙන්. අපි මේකේ සියලුම පැතිකඩ ගැන හිතලා බලලා ගත් තීරණය තමයි නොවැම්බර් 23 වනදා බස්නාහිර පලාතේ පිහටලා තිබෙන පාසල් අපි දැනට විවෘත කරන්නේ නැහැ. ඒ කියන්නේ, කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටලා තිබෙන පාසල්වල තුන්වන වාරය නොවැම්බර් 23 වනදා ආරම්භ වන්නේ නැහැ. ඒ වගේම තමයි, මේ දිස්ත්‍රික්ක තුනේ පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට…. කොළඹ,ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල පදිංචි ශිෂ්‍යාවන්ට ඒ දිස්ත්‍රික්කවලින් වෙන දිස්ත්‍රික්කවලට යාමට පුළුවන්කමක් නැහැ. ඒ වගේම වෙන දිස්ත්‍රික්කවල පදිංචි වෙලා තිබෙන අපේ දූ දරුවන්ට කොළඹ, ගම්පහ, කළුතර කියන දිස්ත්‍රික්කවලට පැමිණීමටත් පුළුවන්කමක් නෑ දැනට පවතින තත්ත්වය තුළ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පිහිටලා තිබෙන පාසල් සම්බන්ධයෙන් වෙනත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට පුළුවන්. ඒ කියන්නේ, හුදකලා කරලා තිබෙන පොලිස් වසම්වල පිහිටලා තිබෙන පාසල් හැර අනෙක් පාසල්වල 6 ඉඳන් 13 ශ්‍රේණිවලට පන්ති ආරම්භ කරන්න පුළුවන් නොවැම්බර් 23 වනදා” යැයි පැවසුවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top