Politics

උතුරේ වැසියන්ට නිදහසේ මහ විරු සැමරුමට අවසර දෙන්නැයි ශිවාජිලිංගම් ඉල්ලයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 19 පස්වරු 03.33ට)

ආයුධ ගත්තු ජනතා විමුක්ති පෙරමුණ ද නොවැම්බර් මාසයේ නායකයින් සමරන බවත් එමෙන්ම, ලොව පුරා පොපි මල් දිනය සමරන බවත් එබැවින් මහවිරු සැමරුමට පමණක් අවසර ලබා නොදෙන්නේ මන්දැයි උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ප්‍රශ්න කරයි. එම නිසා, උතුරේ ජනතාවට නිදහසේ බාධාවකින් තොරව මහවිරු දිනය සැමරීමට එක් දිනක් හෝ අවස්ථාව සලසා දෙන ලෙසට ගරු ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින බව එම්.කේ සිවාජිලිංගම් ඉල්ලා සිටියි.

එමෙන්ම, පසුගිය කාලයේ නොවැම්බර් 21 වනදා සිට 27 දක්වා මහවිරු සතිය උතුරු නැගෙනහිර ජනතාව සැමරූ බවටත් එවැනි වාතාවරණයක් දැන් නොමැති නිසාවෙන් නොවැම්බර් 27 වනදා හෝ මහවිරු සැමරීමට උතුරේ ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසට මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.

තවද, උතුරේ වැසියන්ට බාධාවකින් තොරව නිදහසේ සැමරීමට අවස්ථාවක් රජයෙන් ඉල්ලා සිටින බවටත් එය උතුරේ ජනතාවගේ අයිතයක් බවත් ඔහු සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top