(RIVIRA.LK, 2020 නොවැම්බර් 19 පස්වරු 08.13ට)
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා නොවැම්බර් 19 දින සවස නායයාමේ අවදානම් කහ නිවේදන නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ නිසා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල අවදානම් කලාපවල සිටින ජනතාව තවදුරටත් වර්ෂාව පවතී නම් නායයෑමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ, පස්කඳු කඩාවැටීමේ, හා පොළොව ගිලා බැසීමේ අවදානම් අවස්ථා පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටි යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට නිවේදනය කරයි.
මේ අතර, පවතින අධික වර්ෂාව හේතුවෙන් හපුතලේ ගල්කන්ද වත්තේ නොවැම්බර් 19 වැනි දින පස්වරුවේ නායයාමකින් පසු ඒ ආසන්නයේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් 16ක් ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් සඳහන් කළා. ඉවත් කළ පවුල් 16 ක සාමාජිකයින් 70ක් හපුතලේ දඹේතැන්න අංක 3 දෙමළ මහා විදුහලේ තාවකාලිකව රඳවා සිටියි. අවශ්‍ය සහන ලබාදීමට සහ ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

