කොවිඩ්-19

IDH රෝහලෙන් පැන්න කොවිඩ් ආසාදිත කාන්තාව ඇල්ලීමට පොලීසිය මහජන සහය පතයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 20 පෙරවරු 11.16ට)

කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ්-19 ආසාදිත මවක් සිය දරුවා ද රැගෙන නොවැම්බර් 19 රාත්‍රියේ දී රෝහලෙන් පැනගොස් තිබෙනවා. කෙසේ වෙතත් අවුරුදු 02ක් පමණ වයසැති අදාළ ආසාදිත දරුවා නොවැම්බර් 20 දින පෙරවරුවේ දී ඇහැළියගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර මව මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැහැ.

නොවැම්බර් 19 පස්වරු 9.10 ට පමණ 25 හැවිරිදි අදාළ ආසාදිත කාන්තාව 02 හැවිරිදි දරුවා ද රැගෙන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාති නිවසකට ගොස් දරුවාව එම නිවසට භාර දී එම කාන්තාව එම ස්ථානයෙන් ද පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.

සෞඛ්‍ය අංශ විසින් දරුවාව නැවතත් IDH රෝහලට ඇතුළත් කර ඇති අතර කාන්තාව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

අදාළ කාන්තාව මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකාරිය බව බව පවසන පොලීසිය එම කාන්තාව සොයා ගැනීමට මහජන සහය පැතීමට කටයුතු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top