දේශීය පුවත්

මිනිමැරුම් සිදුවීමකට අදාළව ඇමති ජනක බණ්ඩාරට එරෙහි අධිචෝදනා පත්‍රය බලරහිත කෙරේ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 20 පස්වරු 02.55ට)

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි බවට අභියාචනාධිකරණය නොවැම්බර් 20 දින තීන්දු කරමින් එය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අදාළ චෝදනා බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම් මඟින් සඳහන් කර තිබුණේ, 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇති බවයි.

නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන එම අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි ආකාරයෙන් ගොනුකර ඇති බැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව පෙත්සම් විභාගයෙන් අනතුරුව සියලු කරුණු සළකා බැලූ අභියාචනාධිකරණය තීරණය කළේ අදාළ අධිචෝදනා පත්‍රය නීත්‍යානුකූල නොවන බවයි. ඒ අනුව, පෙත්සම බලරහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කර ඇත.

Rivira FB Group Rivira Youtube
To Top