කොවිඩ්-19

මෙරට 74 වැනි මරණය වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 20 පස්වරු 10.50ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ 74 වැනි මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 20 දින නිවේදනය කරනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. මරණයට ආසන්නම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය වීම සමග ඇති වූ හෘද රෝග තත්වය උත්සන්න වීමකි.

Rivira FB Group Rivira Youtube
To Top