අපරාධ වාර්තා

STF මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 100ක් වැලිගම දී අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 20 පස්වරු 10.00ට)

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකින් හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ, නොවැම්බර් 20 දින සිදුකළ එම වැටලීමේ දී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙකු සහ මෝටර් රථයක් ද පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ලද තොරතුරු මත දින ගණනාවක සිට සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම වැටලීම සිදුකළ බවත් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දීමට නියමිත බවත් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙය මාස කිහිපයක් තුළ සිදුකළ තවත් ප්‍රධාන වැටලීමකි.

Rivira FB Group Rivira Youtube
To Top