දේශීය පුවත්

අයවැය දෙවනවර කියවීමේ ඡන්දය විමසීම අද

(RIVIRA.LK, 2020 නොවැම්බර් 21 පෙරවරු 11.43ට)

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්දය විමසීම නොවැම්බර් 21 වන දින පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතයි.

මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙරට 75 වන අයවැය ප්‍රකාශය නොවැම්බර් 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඉන්පසුව නොවැම්බර් 21 වන දින දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වේ. ඒ අනුව, නොවැම්බර් 21 වන දින පස්වරු 5.00ට අයවැය දෙවන වර ඡන්ද විමසීම පැවැත්වේ.

අයවැය තෙවන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථාව නොවැම්බර් 23 වැනි දින සිට දෙසැම්බර් 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
To Top