දේශපාලන

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 21 පස්වරු 06.07ට)

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දින පස්වරු 5.00ට ආරම්භ විය. ඒ අනුව, 2021 අයවැය විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 99කින් සම්මත විය. මෙහිදි පක්ෂව ඡන්ද 151ක් ද විපක්ෂව ඡන්ද 52ක් ද හිමි විය.

මේ අතර, ඡන්දය විමසීමේ අවස්ථාවට ප්‍රේමලලා් ජයසේකර මන්ත්‍රීවරයා සහභාගී වීම සම්බන්ධයෙන් විපක්ෂය දිගින් දිගටම විරෝධය පළ කර සිටියා. එමෙන්ම, බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා එම අවස්ථාවට සහභාගී නොවීම පිළිබඳව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. ඒ සඳහා පිළිතුරු ලබා දෙමින් කතානායකවරයා සඳහන් කළේ, තමන්ට ඇති වී තිබෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් ඡන්ද විමසීම සඳහා සහභාගී වීමට නොහැකි බව රිෂාඩ් බදියුදින් මන්ත්‍රිවරයා දන්වා ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top