(RIVIRA.LK, 2020 නොවැම්බර් 22 පස්වරු 10.20ට
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 22 වන ඉරිදා පස්වරු 10.10 වනවිට 20,162ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 216 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 391ක් හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 479 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.
එසේම, Brandix හා පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 16,643 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 82% ඉක්මවූ ප්‍රමාණයකි. එසේම දෙවන රැල්ලට අදාළව සිදුවූ මරණ ගණන 70ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 14,069කි. සමස්ත ආසාදිතයින් අතුරින් 83 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 6,010ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 456ක් බව ද සඳහන් වේ.

