(RIVIRA.LK, 2020 නොවැම්බර් 23 පෙරවරු 09.55ට)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් නව අමාත්‍යංශ දෙකක් නම් කර තිබෙනවා.
නොවැම්බර් 20 දිනැතිව නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව, මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ තාක්ෂණය අමාත්‍යංශය එලෙස අලුතින් ස්ථාපිත කළ අමාත්‍යංශ වන අතර දැනට පවතින අමාත්‍යංශවලට අයත් ආයතන කිහිපයක් සහ කාර්ය කර්තව්‍ය නව අමාත්‍යංශවලට එක් කර තිබෙනවා. ඒ අනුව, ආරක්ෂක අමාත්‍යංශය, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, වෙළඳ අමාත්‍යංශය හා වේවැලි, මැටි, පිත්තල රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන හා කාර්ය, කර්තව්‍ය පිළිබඳව සිදුකෙරෙන සංශෝධන එම ගැසට් පත්‍රයෙන් දක්වා ඇත.
ඒ අනුව, ජනාධිපති කාර්යාලය – ජාතික අවශ්‍යතා තීරුව යටතේ පවතින ආයතන 08ක් නම් කර ඇති අතර ඒවා නම්,
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය
ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් කොරෝනා වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීම සඳහා සෑම හමුදාවක් විසින්ම ගත යුතු ක‍්‍රියා මාර්ග අධ්‍යයනය කර එකී පියවර ක‍්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදීම පිණිස වන ජනාධිපති කාර්ය සාධක බලකාය
සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
කොවිඞ් - 19 අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය
නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
ආරක්ෂක අමාත්‍යංශය
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ප‍්‍රමුඛව ශ‍්‍රී ලංකාව ඒකීය ස්වෛරී රාජ්‍යයක් ලෙස ජනතා අභිලාෂයන් සුරක්ෂිත ලෙස තහවුරු කිරීම විෂයපථය කරගත් ආරක්ෂක අමාත්‍යංශයට ආයතන 10ක් ඇතුළත්ව ඇත. ඒවා නම්,
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලය
ශ‍්‍රී ලංකා යුද හමුදාව
ශ‍්‍රී ලංකා නාවික හමුදාව
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව
රාජ්‍ය බුද්ධි සේවාව
ශ‍්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය
ජාතික ශිෂ්‍යභට බලකාය
මිලෝදා ආයතනය - කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් ලෙස
රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය
රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ ආයතන 19ක් ස්ථාපිත කර ඇත. ඒවා නම්,
සියලූම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල
රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඞ්
රසායනික අවි සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය
ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය
ආරක්ෂක සේවා පාසල
ජාතික ආරක්ෂක අරමුදල
ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
ශ‍්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයනය ආයතනය
ශ‍්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනය
රණවිරු සේවා අධිකාරිය
අපි වෙනුවෙන් අපි අරමුදල
මහජන ආරක්ෂක අමාත්‍යංශය
සියලූම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම හා නීතිය හා සාමය පවත්වා ගැනීම විෂයපථය කරගත් මහජන ආරක්ෂක අමාත්‍යංශයට රාජ්‍ය ආයතන 04ක් අයත්ව ඇත. ඒවා නම්,
ශ්රී ලංකා පොලීසිය
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව
තාක්ෂණ අමාත්‍යංශය
ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සුභ සාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීම විෂයපථය කරගත් තාක්ෂණ අමාත්‍යංශය යටතට ආයතන 10 ඇතුළත් කර තිබෙනවා. ඒවා නම්,
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන
ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය
ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ‍්‍රිත ආයතන
කාර්මික තාක්ෂණ ආයතනය
ශ‍්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප‍්‍රයිවට් ලිමිටඞ්
ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව
සියලූම තොරතුරු තාක්ෂණ උද්‍යාන
ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
ජාතික උරුම, ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය
ජාතික උරුම, ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන ද සංශෝධනය වී ඇති අතර ආයතන 08ක් ඊට ඇතුළත් වී තිබෙනවා. ඒවා නම්,
ටවර්හෝල් රඟහල පදනම
ජාතික කලා මණ්ඩලය
ග‍්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය
ගාලූ උරුමය පදනම
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි-සිනමා උද්‍යානය
ජාතික ප‍්‍රසංගික කලා මධ්‍යස්ථානය - නෙළුම් පොකුණ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
අපේගම - කාර්යාල පරිශ‍්‍රය හැර
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන ගණන 17ක් දක්වා අඩු වී ඇති අතර අගොස්තු 09 දිනැති ගැසට් පත්‍රය අනුව ඊට හිමිව තිබූ ආයතන ගණන 21කි. මේ වනවිට ඇති ආයතන 17 වන්නේ,
ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හා අනුබද්ධ ආයතන
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය - සාගර විශ්වවිද්‍යාලය
ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු කිරීම් අධිකාරිය
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය
ශ‍්‍රී ලංකා මුද්‍රණ ආයතනය
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
ජාතික මූලික අධ්‍යයන ආයතනය
ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම
ශ‍්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය
ශ‍්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව
විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ලේකම් කාර්යාලය
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
ජාතික විද්‍යා පදනම
ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය
නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය
වෙළඳ අමාත්‍යංශය
වෙළඳ අමාත්‍යංශයට ඇතුළත් ආයතන ගණන 09ක් වන අතර අගොස්තු 09 දිනැති ගැසට් පත්‍රයෙන් ආයතන 10ක් හිමිව තිබුණි. නව සංශෝධනයෙන් පසු ඇති ආයතන මෙසේය,
ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
සීමාසහිත ලංකා සතොස
සීමාසහිත ලංකා ජෙනරල් ටේ‍්‍රඩිං සමාගම
සමූපකාර තොග වෙළඳ සංස්ථාව
මිනුම් ඒකක ප‍්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
අනුකූලතා තක්සේරු පිළිබඳ ශ‍්‍රී ලංකා ප‍්‍රතීතන මණ්ඩලය
ශ‍්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය
මහපොළ භාරකාර අරමුදල
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග‍්‍රාමීය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග‍්‍රාමීය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශට අගොස්තු 09 දිනැති ගැසට් පත්‍රය අනුව හිමිව තිබුණේ ආයතන 03ක් වන අතර නව සංශෝධනයෙන් අපේ ගම කාර්යාල පරිශ්‍රය ද එක්ව තිබෙනවා.
දැව ආශ‍්‍රිත නිර්මාණ මධ්‍යස්ථානය
විදාතා මධ්‍යස්ථාන
ජාතික ශිල්ප සභාව
අපේ ගම - කාර්යාල පරිශ‍්‍රය
නොවැම්බර් 20 දිනැති නව ගැසට් පත්‍රය – අගෝස්තු 09 දිනැති ගැසට් පත්‍රය

