(RIVIRA.LK, 2020 නොවැම්බර් 23 පස්වරු 01.24ට)
කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත් කරන ලෙස යෝජනාවක් පක්ෂය තුළින් ඉදිරිපත්ව ඇති මොහොතකයි.
කෙසේ වෙතත් මෙලෙස ධූරයෙන් ඉල්ලා අස්වීමට නිශ්චිත හේතුවක් ඉදිරිපත් නොකළ නීතිඥ අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සඳහා 2021 වසරේ ජනවාරි මාසයේ දී නව පත් කිරීම් සිදුකිරීමට නියමිත බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ පාලිත රංගෙබණ්ඩාර සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ එජාපයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවට පක්ෂය තුළ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි. එසේම ඊට කිසිවෙකුගේ විරෝධයක් එල්ල වී නැති බව ද ඔවුන් පෙන්වා දුන්නා.

