Covid-19

මහර බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යයි, කොරෝනා බව තහවුරු වෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 23 පස්වරු 02.16ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණයක් සිදු වී ඇති බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මහර බන්ධනාගාරයේ රඳවා සිටි මෙම රැඳවිය අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

82 හැවිරිදි බන්ධනාගාර රැඳවියෙකු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් එම රැඳවියාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. එසේම එම පුද්ගලයා පිලිකා රෝගී තත්වයකින් සහ නිධන්ගත රෝග කිහිපයකින් පීඩා විඳි අයෙකු බවත් අනාවරණය වී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මරණයට පත් වූ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ පළමු පීසිආර් පරීක්ෂණයේ දී ඔහුට වෛරසය ආසාදනය වී නැති බව වාර්තා වූ බවයි. එසේම, දෙවන පීසීආර් පරීක්ෂණයක් නොවැම්බර් 26 දින සිදු කිරීමට නියමිතව තිබූ බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top