Covid-19

‘දින 4ක් ගත වී ඇතත් කළුතර ඇතැම් ප්‍රදේශවල පීසීආර් ප්‍රතිඵල ලැබී නැහැ’ – GMOA

(RIVIRA.LK, 2020 නොවැම්බර් 24 පස්වරු 12.19ට)

කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සිදු කරන ලද පීසිආර් පරීක්ෂණවල ප්‍රතිඵල දින 4ක් ගත වි ඇතත් තවමත් ලැබී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කරන්නේ දින ගණනාවක් ගත වූ පසුව ලැබෙන පරීක්ෂණ වාර්තාවල වලංගුතාවයක් නොමැති බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා, “අදටත් කළුතර දිස්ත්‍රික්කයේ සමහර පළාත්වල පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල දින 3ක් 4ක් පැනලත් ලැබෙන්නේ නැහැ. එතකොට ඔබට තේරෙනවා ඔබේ පරීක්ෂණ ප්‍රතිඵල දින 3ක් 4ක් පැනලත් ලැබෙන්නේත් නැත්නම් එම පරීක්ෂණ ප්‍රතිඵලයේ වලංගුභාවයක් නැහැ. මොකද ඒ වලංගුභාවයක් නැහැ කියන්නේ මොකද අපිට ඒකෙන් ලබා ගත හැකි ප්‍රතිඵලය ලබා ගන්න බැහැ. එහෙමනම්, අපි කිව්වා පැය 24ක් ඇතුළත පරීක්ෂණවල ප්‍රතිඵල ලබා දිය යුතුයි. ඒ හරහා තමයි අපිට මේ රට නිවැරදි ලෙස පාලනය කරමින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ”

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top