Covid-19

කොළඹින් වාර්තා වූ ආසාදිතයින් ගණන 7000 ඉක්මවයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 24 පස්වරු 02.01ට)

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 20,508ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔක්තෝම්බර් 04 වැනි දින සිට මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් අතරින් ආසාදිතයින් 7,022ක් ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

නොවැම්බර් 23 වැනි දින නව ආසාදිතයින් 337 දෙනෙකු වාර්තා වූ අතර ඉන් ආසාදිතයින් 189 දෙනෙකු ම වාර්තා වී ඇත්තේ ද කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ආසාදිතයින් අතර 68 දෙනෙකු අළුත්කඩේ පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එමෙන්ම, ආසාදිතයින් 22ක් කොළඹ 13 ප්‍රදේශයෙන් ද, ආසාදිතයින් 25ක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ද, ආසාදිතයින් 19ක් කොළඹ 15 ප්‍රදේශයෙන් ද, ආසාදිතයින් 15ක් දෙමටගොඩ ප්‍රදේශයෙන් ද, ආසාදිතයින් 14ක් බොරැල්ල ප්‍රදේශයෙන් ද, ආසාදිතයින් 5ක් කිරුලපන ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රිකක්යෙන් පසුව වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර ඔක්තෝම්බර් 04 වැනි දින සිට එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5597ක් වාර්තා වි ඇත. නොවැම්බර් 23 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වී ඇත. එම ආසාදිතයින්ගෙන් 22 දෙනෙකු වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මිනුවන්ගොඩ හා මීගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනා බැගින් වාර්තා වී ඇත.

මේ අතර, වත්තල පල්ලිය පාරේ පිහිටි කම්කරු නිවාස සංකීර්ණයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම නිවාස සංකීර්ණය හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top