Covid-19

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් යළිත් වසා දමයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 24 පස්වරු 02.23ට)

තොණ්ඩමන් නගර් ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් කිළිනොච්චි දිස්ති‍්‍රක්කයේ සියලූම පාසල් යළි වසා දමා තිබෙනවා. උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල්. ඉලංගෝවන් සඳහන් කරන්නේ පාසැල් වසා දමන ලෙසට වූ නිවේදනය කිළිනොච්චි කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණ වී නැහැ. කොවිඞ් දෙවන රැල්ලෙන් පසු පළමුවරට පාසැල් විවෘත කළ නොවැම්බ්ර් 23 වන සඳුදා දිනයේ දී උතුරු පළාතේ සිසුන්ගෙන් සියයට 47 ක් හා ගුරුවරුන්ගෙන් සියයට 75 ක් පාසැල් වෙත පැමිණ තිබුණා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top