දේශීය පුවත්

චන්ද්‍රකාන්තන් ඇප මත නිදහස්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 24 පස්වරු 3.05ට)

රක්ෂිත බන්ධනාගාරගතව සිටි නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයන් ඇතුළු සැකකරුවන් 5 දෙනා නොවැම්බර් 24 වැනි දින ඇප මත මුදා හැර තිබෙනවා.

මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරිමට නියෝග කර ඇත.

2005 වසරේදී මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් පූජාවේ යෙදි සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජොෂෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයන් ඇතුළු සැකකරුවන් 5 දෙනා කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Rivira FB Group Rivira Youtube
To Top