(RIVIRA.LK, 2020 නොවැම්බර් 24 පස්වරු 5.32ට)
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද පස්වරු 6.30 සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
අකුරණ ප්‍රදේශයේ පිහිටි බුළුකොහොතැන්නල සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක මෙසේ හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත්තේ ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වීම හේතුවෙන් ය. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් මේ වන විට ආසාදිතයින් 39 දෙනෙකු හමු වී තිබෙනවා.

