කොවිඩ්-19

තවත් මරණ 04ක්, මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 24 පස්වරු 10.44ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 24 දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 94 දක්වා ඉහළගොස් තිබෙනවා.

එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.

91 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී 2020 නොවැම්බර් 22 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ පාචන රෝගී තත්ත්වයන් නිසා ඇති වූ ආසාදන තත්ත්වයෙන් බහු අවයව අක්‍රීය වීමයි.

92 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ දී 2020 නොවැම්බර් 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගයක් කොවිඩ් – 19 ආසාදනය සමඟ උත්සන්න වීමයි.

93 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක කාන්තාවකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාම මූලික රෝහල වෙත මාරු කර එවා ඇත. එම රෝහලේ දී මියගොස් ඇතිතේ 2020 නොවැම්බර් 24 වන දිනදී ය. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ආඝාතය සහ කොවිඩ් – 19 නියුමෝනියාව වේ.

94 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පානදුර මූලික රෝහලේ සිට අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දි 2020 නොවැම්බර් 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ නිධන්ග අක්මා රෝගයක් උත්සන්න වීම හා මොළය ඉදිමීමේ රෝගය වේ.

Rivira FB Group Rivira Youtube
To Top