Covid-19

හිටපු CID අධ්‍යක්ෂක ශානි අබේසේකරට කොරෝනා

(RIVIRA.LK, 2020 නොවැම්බර් 25 පෙරවරු 11.45ට)

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර හට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් වූ ශානි අබේසේකර ජූලි 31 වැනි දින අත්අඩංගුවට පත් වූ අතර ඔහු මහර බන්ධනාගාරයේ රඳවා සිටියා. මහර බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර ඔහුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, ශානි අබේසේකර රඳවා සිටි වාට්ටුවේ වෙනත් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති අතර ඔහුට වෛරසය ආසාදනය වි ඇති ආකරය පිළිබඳව තවමත් අනාවරණය වී නොමැත. බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, ශානි අබේසේකර නොවැම්බර් 24 වන දින මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවූ බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top