(RIVIRA.LK, 2020 නොවැම්බර් 25 පස්වරු 02.06ට)
රුපියල් කෝටි 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වී වසර 20 ක බරපතල සිර දඩුවම් ලැබ සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාමගේ ඇප ඉල්ලීම කොළඹ පළමු ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම ඇප ඉල්ලීම නොවැම්බර් 25 වන දින සලකා බලනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ දී ය.
අදාළ ඇප ඉල්ලීම විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබිය දී අදාළ ඇප අයදුම්පත විභාගයට ගත නොහැකි බවයි.
රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ද බස්නාහිර පළාත්බද පළමු ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කළා.
2018 වසරේ දී කන්තලේ සීනි සමාගමට අයත් උපකරණ විකිණීමට අදාළ කටයුතු ඉටු කර දීම සඳහා ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් මිලියන 20 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බවට මොවුන්ට චෝදනා එල්ලවී තිබෙනවා.
සම්බන්ධිත පුවත්

