,

රිෂාඩ් බදියුදීන් ඇප මත නිදහස්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 25 පස්වරු 01.27ට)

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් ඇප මත නිදහස් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නොවැම්බර් 25 වන දින නියෝග කර තිබෙනවා. ඒ අනුව, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත රිෂාඩ් බදියුදීන් නිදහස් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

මේ වන විට, බන්ධනාගාර තුළ කොවිඩ් – 19 වෛරසය පැතිරීම සුවිශේෂී කරුණක් ලෙස සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දීමට නියෝග කර ඇති අතර රිෂාඩ් බදියුදීන්ට විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

ශරීර ඇප කරුවන් ළඟම ඥාතීන් විය යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසන ඕනෑම අවස්ථාවකදී එහි පෙනී සිටිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Rivira Ads