රසරැස

සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 25 පස්වරු 07.25ට)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින්, රක්ෂණාවරණ ලබාදීම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය දක්වා ද පුළුල් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අගමැති කාර්යාලය පවසනවා.

සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය 2020 වර්ෂයේදීම යථාර්ථයක් බවට පත් කරමින් හඳුන්වා දෙන මෙම රක්ෂණාවරණය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා ටවර් හෝල් රඟහල පදනමේ සභාපතිවරයා වන අග්‍රාමාත්‍යතුමන්ගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් මත සිදු කෙරෙන බව ද එම නිවේදනයෙන් අගමැති කාර්යාලය කියා තිබෙනවා.

ජාතික උරුමය ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් පරිදි ටවර් හෝල් රඟහල පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම “ප්‍රේක්ෂා රක්ෂණ” ක්‍රමය ඔස්සේ සුදුසුකම් සපිරූ වෙිදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නාට්‍ය නිෂ්පාදනය, රංගනය, අංග රචනය, පසුතල නිර්මාණය, රංගාලෝකය, රංග වින්‍යාසය, රංග වස්ත්‍ර නිර්මාණය, නාට්‍ය සංගීතය, වේදිකා කළමනාකරණය යන අංශවල නියුතු
වයස අවුරුදු 35-75 අතර නාට්‍යවේදීන්ට රක්ෂණාවරණය සැපයෙන බව එම නිවේදන් සඳහන්.

මෙම රක්ෂණාවරණය සඳහා රක්ෂණලාභීන්ගෙන් කිසිඳු මුදලක් අය නොකිරීම විශේෂත්වයකි. නාට්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රවීනතාවය සහ ජ්‍යේෂ්ඨත්වය අනුව මේ සඳහා ප්‍රමුඛතාව ලබා දේ.

මෙම රක්ෂණාවරණය සඳහා ජාතික මට්ටමේ සම්මාන හිමි කරගනිමින් අයඳුම් කරන දිනට ආසන්න වශයෙන් වසර 05ක් සක්‍රීයව නාට්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට සහ අයදුම් කරන දිනට ආසන්න වශයෙන් වසර 10කට නොඅඩු කාලයක් නාට්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට මෙම රක්ෂණාවරණය සඳහා දායක විය හැකිය.

“ප්‍රේක්ෂා රක්ෂණාවරණය” සඳහා අයදුම්පත් www.towerhall.lk වෙඩ් අඩවියෙන් බාගත කළ හැකි අතර, තම අයදුම්පත් 2020 දෙසැම්බර් 11 වන දිනට පෙර අධ්‍යක්ෂ ජනරාල්ල ටවර් හෝල් රඟහල පදනම, අංක 123, සව්සිරිපාය, විජේරාම මාවත, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

Rivira FB Group Rivira Youtube
To Top