,

කළුතර හා මහනුවර තවත් ග්‍රාමයන් 05ක් හුදකලා කෙරේ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 25 පස්වරු 07.42ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 03ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 02ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නොවැම්බර් 25 දින තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පහත ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා කෙරෙනු ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් මෙසේය,

  1. අටළුගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  2. එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම
  3. කොළමැදිරිය ග්‍රාම නිලධාරී වසම

මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බලප්‍රදේශයේ (අකුරණ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ) හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් මෙසේය,

  1. බුළුගහතැන්න ග්‍රාම නිලධාරී වසම
  2. තෙළඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසම

එසේම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමෙන් නිදහස් කර තිබෙනවා.

Rivira Ads