(RIVIRA.LK, 2020 නොවැම්බර් 26 පෙරවරු 11.17ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 25 දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 96 දක්වා ඉහළගොස් තිබෙනවා.
එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.
95 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ දි 2020 නොවැම්බර් 23 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ ඇති වූ අධික රුධිර පීඩනයයි.
96 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි. ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ දී 2020 නොවැම්බර් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ උග්‍ර වූ අක්මා රෝගී තත්ත්වයකි.

