(RIVIRA.LK, 2020 නොවැම්බර් 26 පෙරවරු 11.44)
රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර, මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සරත් වීරසේකර වර්තමානයේ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. එසේම පසුගිය මහමැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුනු සරත් වීරසේකර එම මැතිවරණයෙන් ජය ලැබුවේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා ලෙසයි. පසුගිය මැතිවරණ කාලසීමාව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දුන් ප්‍රබලම සිවිල් සංවිධානය වූ වියත්මග සංවිධානයේ සාමාජිකයෙකු කැබිනට් මණ්ඩලයට පත් වූයේ ප්‍රථමවරටයි.
මීට අමතරව, අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් දිවුරුම් දුන්නේය. ඒ එම අමාත්‍යංශයේ විෂයපථය සංශෝධනය වීම හේතුවෙනි.

