(RIVIRA.LK, 2020 නොවැම්බර් 26 පස්වරු 05.00ට)
වන ජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් වන ජීවී නිලධාරීන්ට බලපෑම් කර තර්ජනය කල බවට විරෝධය දක්වමින් නොවැම්බර් 27 වන දින දිවයින පුරා වනජිවි නිලධාරින් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පැවසුවේ, අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා ආඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජිවි නිලධාරින්ට බල කිරිම සහ දෙපාර්තමේන්තුව, බලධාරින් හෙලා දැකිමට විරුද්ධව එක් දින සංකේතාත්මක වෘත්තිය ක්‍රියා මාර්ගයකට එලඹෙන බවයි.
පොළොන්නරුව ජලගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එය ආසන්නයේ පිහිටා ඇති තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල ගම්වාසීන් ඉල්ලීමක් කර තිබෙන අතර ඊට වනජීවි නිලධාරීන් විරුද්ධ වී තිබෙනවා.
ඒ අනුව, අදාළ ගැටළුව නිරාකරණය කර ගැනීමට යාමේ දී වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා සහ වනජීවි නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වී තිබෙනවා.
එමෙන්ම, මෙම ගැටළුව පිළිබඳව වනජීවි අමාත්‍යවරයාට ලිඛිතව ඉදිරිපත් කර තිබෙන බවත් නොවැම්බර් 27 වන දින උදෑසන ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නොලදහොත් රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධය පළ කරමින් එක්දින අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේතාත්මක වැඩ වර්ජනයක් සිදු කරන බව වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

