(RIVIRA.LK, 2020 නොවැම්බර් 26 පස්වරු 10.05ට)
ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 තරඟාවලිය නොවැම්බර් 26 දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. තරඟය නොවැම්බර් 26 දින සිට දෙසැම්බර් 14 දින දක්වා පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී යි.
Kandy Tuskers සහ Colombo Kings අතර පැවැත්වෙන පළමු තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහනුවර කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරාට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළා.
ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී 219ක් රැස් කළා. පන්දුවට පහර දීමේ දී කුසල් ජනිත් ලකුණු 87ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 219ක් රැස් කරමින් තරඟය ලකුණු සම වී අවසන් උනා.
ඒ අනුව සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කළ අතර මුලින් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස් කළේ ය. කෙසේ නමුත් පිළිතුරු පන්දුවාරයේ දී මහනුවර කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි.
- Colombo Kings: 16/1
- Kandy Tuskers: 12/0
ඒ අනුව සුපිරි පන්දුවාරයේ දී මහනුවර කණ්ඩායම පරදා කොළඹ කණ්ඩායම ජයගනු ලැබුවා.
Kandy Tuskers ඉණිම
පිතිකරු | ලකුණු | පන්දු | 4s | 6s | ප්‍රහාරක වේගය | |
---|---|---|---|---|---|---|
Rahmanullah Gurbaz | c Evans b Qais Ahmad | 53 | 22 | 6 | 4 | 240.90 |
MDKJ Perera | c Priyanjan b Chameera | 87 | 52 | 9 | 4 | 167.30 |
BKG Mendis | c †Chandimal b Gony | 30 | 24 | 2 | 2 | 125.00 |
DAS Gunaratne | not out | 33 | 20 | 5 | 0 | 165.00 |
S Prasanna | not out | 4 | 2 | 1 | 0 | 200.00 |
Extras | (lb 5, w 7) | 12 |
Colombo Kings පන්දු යැවීම
BOWLING | O | M | R | W | ECON |
---|---|---|---|---|---|
AD Mathews | 2 | 0 | 26 | 0 | 13.00 |
MS Gony | 4 | 0 | 42 | 1 | 10.50 |
PVD Chameera | 4 | 0 | 58 | 1 | 14.50 |
I Udana | 4 | 0 | 33 | 0 | 8.25 |
Qais Ahmad | 3 | 0 | 28 | 1 | 9.33 |
MA Aponso | 1 | 0 | 10 | 0 | 10.00 |
SMA Priyanjan | 2 | 0 | 17 | 0 | 8.50 |
Colombo Kings ඉණිම
පිතිකරු | ලකුණු | පන්දු | 4s | 6s | ප්‍රහාරක වේගය | |
---|---|---|---|---|---|---|
LD Chandimal | c Pradeep b Naveen-ul-Haq | 80 | 46 | 12 | 2 | 173.91 |
LJ Evans | c sub (PARP Perera) b Gunaratne | 22 | 14 | 1 | 2 | 157.14 |
ST de Silva | c Rahmanullah Gurbaz b Naveen-ul-Haq | 22 | 16 | 1 | 1 | 137.50 |
AD Russell | c sub (PARP Perera) b Pradeep | 24 | 13 | 3 | 1 | 184.61 |
AD Mathews (c) | b Prasanna | 2 | 5 | 0 | 0 | 40.00 |
SMA Priyanjan | c sub (PARP Perera) b Pradeep | 8 | 7 | 1 | 0 | 114.28 |
I Udana | not out | 34 | 12 | 0 | 4 | 283.33 |
Qais Ahmad | run out (†MDKJ Perera/Gunaratne) | 15 | 8 | 3 | 0 | 187.50 |
MS Gony | not out | 0 | 0 | 0 | 0 | – |
Extras | (lb 5, nb 1, w 6) | 12 |
Kandy Tuskers පන්දු යැවීම
BOWLING | O | M | R | W | ECON |
---|---|---|---|---|---|
N Pradeep | 4 | 0 | 34 | 2 | 8.50 |
IK Pathan | 1.5 | 0 | 25 | 0 | 13.63 |
Naveen-ul-Haq | 4 | 0 | 40 | 2 | 10.00 |
BKG Mendis | 0.1 | 0 | 0 | 0 | 0.00 |
K Anjula | 4 | 0 | 48 | 0 | 12.00 |
DAS Gunaratne | 4 | 0 | 49 | 1 | 12.25 |
PHKD Mendis | 1 | 0 | 12 | 0 | 12.00 |
S Prasanna | 1 | 0 | 6 | 1 | 6.00 |
එම තරඟයේ සම්පූර්ණයෙන් නරඹන්න මෙතැනින් පිවිසෙන්න.
Kandy Tuskers කණ්ඩායමේ සාමාජිකයින්
දේශීය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න. අතිරේක – කෙවින් කොත්තිගොඩ, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ,
විදෙස් – බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), ඉර්ෆාන් පතන් (ඉන්දියාව), මුනාෆ් පටෙල් (ඉන්දියාව), නවීන් උල්හක් (ඇෆ්ගනිස්තානය), රහමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), සොහෙල් ටන්වීර් (පාකිස්තානය)
Colombo Kings කණ්ඩායමේ සාමාජිකයින්
දේශීය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, ජෙෆ්රි වැන්ඩර්සි, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර. අතිරේක – හිමේෂ් රාමනායක, කළන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන
විදේශීය – ඇන්ඩ්‍රෙ රසල් (බ.ඉ.කොදෙව්), මන්ප්‍රීට් ගෝනි (ඉන්දියාව), කායිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ඩැනියල් බෙල් (එංගලන්තය), කරීම් ඛාන් (ඇෆ්ගනිස්තානය, ලෝරි එවන්ස් (එංගලන්තය)

