දේශීය පුවත්

ඉන්දීය ආරක්ෂක උපදේශක සහ මාලදිවයිනේ ආරක්ෂක ඇමති අද දිවයිනට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 27 පෙරවරු 09.43ට)

ත්‍රෛපාක්ෂික සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය නොවැම්බර් 27 සහ නොවැම්බර් 28 යන දෙදින කොළඹ දී පැවැත් වෙයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් එම සමුළුව පැවැත්වෙන්නේ සිව්වන වරටය.

අවසන් වර ත්‍රෛපාක්ෂික සමුළුව 2014 වසරේ නවදිල්ලි හීදී පැවති අතර මෙවර සමුළුව වසර 06කට පසුව පැවැත්වීම විශේෂත්වයකි.

මෙම සාකච්ඡාවට සහභාගීවීම සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඞ් ඩිඩි නොවැම්බර් 27 වැනි දින දිවයිනට පැමිණිමට නියමිතයි.

සමුද්‍රීය පරිසර දූෂණය / තොරතුරු හුවමාරුව / මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම වැනි සමුද්‍රීය ආරක්ෂණයට අදාළ වන අංශ කිහිපයක් කෙරෙහි මෙම දෙදින සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු ඇති.

මීට අමතරව බංග්ලාදේශය, සිසේල්ෂ් සහ මොරිටියස් යන රටවල නියෝජිතයන් නිරීක්ෂණ මට්ටමින් ඊට සම්බන්ධ වේ.

Rivira FB Group Rivira Youtube
To Top