(RIVIRA.LK, 2020 නොවැම්බර් 27 පෙරවරු 11.22ට)
මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න නොවැම්බර් 27 වන දින පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ දී වැඩ භාරගනු ලැබීය.
2019 අප්‍රේල් 28 දින සිට මාස 19ක කාලයක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ නම පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පොලිස්පතිවරයා ලෙස නිර්දේශ කර තිබූ අතර එය පාර්ලිමේන්තු සභාව විසින් තහවුරු කර තිබුණි.
සී.ඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්ව තිබෙනවා. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධරයෙකි. මීට අමතරව සී.ඩී වික්‍රමරත්න මහතා බැට්ෆොර්ට් විශ්වවිද්‍යාලයෙන් සහ හාර්වඩ් විශ්වවිද්‍යලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා ඇත.

