කොවිඩ්-19

රිෂාඩ් බදියුදීන් නිරෝධායනය සඳහා ගල්කිස්සේ හෝටලයකට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 27 පස්වරු 3.13ට)

ඇප මත නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා ගල්කිස්සේ පිහිටි හෝටලයක් වෙත යොමු කර තිබෙන බව වාර්තා වේ. පසුගිය නොවැම්බර් 25 වැනි දින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට ඇප හිමි වුව ද නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන් නොවැම්බර් 26 වන දින දක්වා ඔහු මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබීමට පියවර ගෙන තිබුණි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිරෝධායන කටයුතු සඳහා වෙනත් ස්ථානයකට යොමු කරන ලෙස විපක්ෂ නායකවරයා ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි දැනුවත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් මන්ත්‍රීවරයා ගල්කිස්සේ හෝටලයක් වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මහජන මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 25 වන දින නියෝග කළා.

සම්බන්ධිත පුවත්

Rivira FB Group Rivira Youtube
To Top